Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 14 June 2019 - 22:51
ඇමති රාජිත ගැන දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන් මන්ත්‍රී විමල් හමුවෙයි
517

Views
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව සනාථ කිරීමට චෝදනා එල්ලවී තිබියදීත් අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එම පක්ෂ කාර්යාලයට ගිය අවස්ථාවේදී.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පත්ව ඇති භයංකාර තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හමුවුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනට අනූවයි.
 
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අමාත්‍යධුරය, මන්ත්‍රී ධුරය මෙන්ම ප්‍රජා අයිතිය ද අහෝසි කරන ලෙස අවධාරණය කිරීම සඳහා ලංකා සමසමාජ පක්ෂ කාර්යාලයේ විධායක කමිටුව අද මුණ ගැසුණා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරෝධය පළකරමින් අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධාන කර තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහි විරෝධතා සතියේ ලබස්නාහිර පළාත් විරෝධතාව අද සිදු කෙරුණේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top