ඇමරිකාව, ඉරානය සමඟ, ගැටුමකට අර අඳී

Saturday, 15 June 2019 - 7:44

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB+%E0%B6%85%E0%B6%B3%E0%B7%93
ගල්ෆ් මුහුදේ  ඕමාන බොක්කේ නවතා තිබූ තෙල් නෞකා දෙකකට එල්ල වූ ප්‍රහාරවල වගකීම ප්‍රතික්ෂේප කරමින් ඉරානය සිදුකළ කරුණු දැක්වීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබෙනවා.

වොෂින්ටනය එම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල කළේ ප්‍රහාරයට ලක්වූ එක් නෞකාවක් ආසන්නයේ තිබූ මුහුදු බෝම්බයක් ඉරාන හමුදා මගින් ඉවත් කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද නිකුත් කරමින්.

ඇමරිකාව සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක් පැන නැගී තිබියදී ගල්ෆ් මුහුදේ තෙල් නැව්වලට ප්‍රහාර එල්ල වීමේ සිද්ධීන් මීට මසකට පෙර ද වාර්තා වුණා.

මෙවර ප්‍රහාරවලදී තෙල් නෞකාවක් ගිනි ගැනීමට ලක්වීමත් සමඟ තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

ඇමරිකාව ඉරානය වෙත දිගින් දිගටම චෝදනා කළ ද එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළේ එම චෝදනා පැහැදිලිව සනාථ විය යුතු බවයි.

එමෙන්ම, නිර්දය නිගමනවලට එළඹීමෙන් වළකින ලෙස රුසියාව ද අනතුරු ඇගවීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories