හොංකොං හි උදර්පන නීති සංශෝධනය කල් යයි

Saturday, 15 June 2019 - 14:13

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%84%E0%B7%92+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දහස් සංඛ්‍යාත හොංකොං වැසියන්ගේ විරෝධතාවලට මුල් වූ උදර්පන නීති සංශෝධනය කල් දැමීමට එහි පාලකයන් කැමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා.

චූදිතයන් චීන මව් භූමිය වෙත පිටුවහල් කිරීමට ඉඩ සලසන අදාළ සංශෝධනය මගින් හොංකොං දිවයිනේ අධිකරණ ස්වාධීනත්වයට බාධාවක් එල්ල වන බව හොංකොංවාසීන්ගේ අදහසයි.

ඊට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ සංවිධාන කෙරුණු අතර හෙටත් එවැනි විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

බ්‍රිතාන්‍යය වෙත 99 වසර බද්දට 1841 වසරේ ලබාදුන් හොංකොං දිවයිනට 1997 වසරේදී යළි චීනයට හිමි වුණා.

එහෙත් එහි පාලන ක්‍රමය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටයි චීනය එකඟ වූයේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories