ඕමාන බොක්කේ තෙල් ටැංකි පුපුරායාමට පෙර ඇමරිකානු ඩ්‍රෝන යානාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

Saturday, 15 June 2019 - 15:21

%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕමාන බොක්කේ තෙල් ටැංකි දෙක පුපුරා යාමට පැය කිහිපයකට පෙර ඇමරිකානු ඩ්‍රෝන යානයක් ගුවනේ පියාසර කරනු දිස් වී තිබෙනවා.

එම ඩ්‍රෝන යානය ඉලක්ක කර ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉලක්කය වැරදිමෙන් අදාළ මිසයිලය මුහුදට වැටි ඇති බවයි ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත්තේ.

තෙල් ටැංකි ගිනි ගැනිමට පෙර ඉරාන නෞකාවක් එම ටැංකි ආසන්නයේ තිබෙනු ඇමරිකානු ඩ්‍රෝන යානයකට නිරික්ෂණය වී ඇති බවද අදාළ ප්‍රකාශකයා පවසා තිබෙනවා.

ප්‍රහාරයට පෙර ඉරානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇමරිකාව සතුව තොරතුරු තිබු බවට වන පළමු අනාවරණය මෙය බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories