බැතිමතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් තිස්සමහාරාම පුද බිමේදී හිරු ශ්‍රද්ධාභිවන්දනාව ඇරඹේ

Sunday, 16 June 2019 - 6:35

%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන්, හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඵෙතිහාසික තිස්සමහාරාම සෑ රදුන් අභියසදී අද අලූයම ආරම්භ වුණා.

ඒ සැදැහැවතුන් අෂ්ඨාංගශීලයේ සමාදන් කරවීමෙන් අනතුරුවයි. සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීම මෙන්ම තිස්සමහාරාම සෑ රදුන් උදෙසා මහා පිංකම් මාලාවක් ද අද සිදුකෙරෙන්නේ තවත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසකටම මුල්තැන ලබාදෙමින්.

බුද්ධාභිවන්දනාව උදෙසා බැතිමතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන්, දැහැමි සිත් පෙරදැරිව හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද උදෑසන හයට ආරම්භ වුණා.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ උතුම් පිංකම, හිරු ශාසනාවතරණය මෙවර 7 වන වරටත් තිස්සමහාරාම සෑ රදුන් අභියසදී පැවැත්වෙනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත දියත් වන හිරු ශාසනාවතරණය මහා පිංකමේදී අද සඟ සසුනට පූජා කෙරෙන කුල දරුවන් සංඛ්‍යාව 14ක්.

ඓතිහාසික තිස්සමහාරාම සෑරදුන් අභියසදී භික්ෂූණ් වහන්සේ 200 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාවක් ද අද දහවල් පැවැත්වීමට නියමිතයි.

එසේම, තිස්සමහාරාම සෑ රදුන් වහන්සේ සුවද ධූපයෙන් පුදා වාද්‍ය ශිල්පීන් 200 කට වැඩි පිරිසක්, පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා සිදුකෙරෙන මහාභිදාන පුණ්‍ය කර්මයද පස්වරුවේ සිදුකෙරෙනවා.

එය අවසානයේ තිස්සමහාරාම සෑ රදුන් උදෙසා මහා කප්රුක් පූජාවක් ද සිදුකෙරෙන අතර, අවසානයේ රටට සහ ජාතියට සෙත්පතා මහා අධිෂ්ඨාන පූජාවක් ද පැවැත්වීමට සියල්ල සූදානම්.

තිස්සමහාරාම සෑ රදුන් අභියසදී පැවැත්වෙන හිරු ශ්‍රද්ධාභිවන්දනා මාහැගි පිංකම් මාලාව සදහා එක්වන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ද යොදවා තිබෙනවා.

මේ අතර, තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අද රාත්‍රී 10.30 සිට සජීවීව හිරු ටී.වී. ඔස්සේ විකාශය වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories