ලෝක පියවරුන්ගේ දිනය අද

Sunday, 16 June 2019 - 6:50

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකාවේ අපට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම නුපුරුදු කරුණක්.

එහෙත් අද වනවිට සමස්ත ලෝකයම එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා.

අම්මාට, තාත්තාට සැලකීම ඇතමුන්ට අමතක වන යුගයක එය යම් තරමකින් හෝ ඔවුන්ගේ ගුණ මහිමය සිහිපත් කරන්නක්.

සෑම වසරකම ජූනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ.

මෙය 1910 වසරේදී පමණ ඇමරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්.

1916 පමණ වනවිට ඇමරිකාවේ ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් මෙය අත්‍යවශ්‍ය දින සැමරුමක් ලෙස සලකමින් කටයුතු කර තිබෙනවා.

ලොව ඇතැම් රටවල් නොවැම්බර් 19 වැනිදා ලෝක පියවරුන්ගේ දිනය සමරන අතර, ඇතැම් රටවල් තමන් විසින් තෝරා ගත් විවිධ දිනයන්හිදී එම දිනය සමරනවා.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය පදනම් කරගත් අපි, දෙමාපියන්ට සැළකීම ජීවිත දර්ශනයක් කරගත් පිරිසක්. මතු බුදුවන අම්මාට නියත විවරණ දෙන තාත්තා සමරන්නට වෙනම දිනයක්, වේලාවක්, අවශ්‍ය නැති වුවත්, පිය සෙනෙහස අමතක කළ අයෙක් වෙතොත් අදවත් එය මතකයට නගා ගත හැකි නොවේ ද ?


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories