ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් පොසොන් දින පණිවුඩ

Sunday, 16 June 2019 - 7:24

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9
පොසොන් පොහෝදා අපට උරුම වූ මහැගි සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප්‍රමාණ මෛත්‍රීය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තර පරමාදර්ශය ලාංකේය ජනහදවත් තුළ තහවුරු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පොසොන් පොහෝදා පරමාර්ථය විය යුත්තේ ද එය බවයි.

මේ අතර, පොසොන් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ අන්තවාදී බලවේග ක්‍රියාත්මක වන මෙබදු වකවානුවක අප වඩවඩාත් ධර්මාලෝකය ලබමින් මනුෂ්‍යත්වය ගොඩනැංවීමට අත්වැල් බැද ගත යුතු බවයි.

අපගේ සංස්කෘතිය පෝෂණය වූ බුදු දහම පිළිබදව ගැඹුරින් අධ්‍යයනය කොට ඒ අනුව තම ජීවිත අලෝකමත් කරගෙන සාමයෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලූම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය පොසොන්දින පණිවුඩයෙන් සදහන් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories