පොලිස් රාජකාරියට බාධා කර පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට

Sunday, 16 June 2019 - 10:01

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වටවල ප්‍රදේශයේදී පොලිස් රාජකාරියට බාධා කර මෝටර් රථයකින් පළාගිය සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වටවල සහ හැටන් පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකදීයි ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වූ මෝටර් රථයක ගමන් කළ තරුණයෙකු  සතුව හෙරොයින් තිබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදීයි සැකකරු පොලිස් නිලධාරියාව තල්ලුකර දමා මෝටර් රථයෙන් පළාගොස් ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වටවල පොලිසියේ නිලධාරීන් හැටන් පොලිසියේ නිලධාරීන් ද දැනුවත් කර සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුනා.

භාණ්ඩ බෙදා හැරීමේ සමාගමකට අයත් මෝටර් රථය බගවන්තලාව ප්‍රදේශයට භාණ්ඩ කිහිපයක් ලබාදීම සඳහා පැමිණ තිබු බව සඳහන්.

සැකකරු සතුව හෙරොයින් තිබීම හේතුවෙන් ඊට බියවී මෝටර් රථයෙන් පළාගොස් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

28 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු හැටන් මහෙේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories