සී.වී. විග්නේෂ්වරන් ගැටළුවක

Sunday, 16 June 2019 - 13:16

%E0%B7%83%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුලූව පිහිටුවීමට නියමිතව තිබූ සන්ධානය නිර්මාණය කිරීමේ ගැටළුව මෙතෙක් විසඳී නොමැති බව වාර්තාවනවා.

දෙමළ ජාතික සන්ධානයෙන් සී.වී. විග්නේෂ්වරන් ඉවත්වීමත් සමඟයි ඔහු අනෙකුත් දේශපාලන නියෝජිතයින් සමඟ මෙම සන්ධානය පිහිටුවීමට තීරණය කර තිබුණේ.

මීට පෙර සී.වී. විග්නේෂ්වරන් දෙමළ ජනතා සන්ධානය නමින් පක්ෂයක් පිහිටුවාගත් අතර, ඊට දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සන්ධාන ගතවීමට කැමැත්ත පළ කර තිබුණා.

එමෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය එම සන්ධානයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ද ගැටළු පැවති අතර, පසුගියදා ඒ පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් එම ගැටළු නිරාකරණය කරගනිමින් සන්ධානය පිහිටුවීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ ප්‍රතිපත්ති එක සමාන වුවද මතගැටුම් පැවතීම තුළ සන්ධානගතවීම දිනෙන් දින කල්යමින් පවතින බවයි.

කෙසේ වෙතත් දිගින් දිගටම සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද ඊයේ මෙම ගැටලූව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ එක්වීමට තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවයි.

ගැටළු පිළිබඳ සාකච්ඡා කරමින් ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories