%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F
Sunday, 16 June 2019 - 15:31
අනියම් බිරිඳ ඝාතනයකර සියදිවි හානිකරගත් පුද්ගලයා
14,430

Views
පුද්ගලයෙකු සිය අනියම් බිරිඳව පොරොවකින් කපා කොටා ඝාතනයකර තමාද නිවස ආසන්නයේ පිහිටි ගසක එල්ලී ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් බකමුණ, සියඹලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (16) අලුයම මෙම අපරාධයන් සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව 42 හැවිරිදි තැනැත්තියක් වන අතර සියදිවි හානිකරගත් පුද්ගලයා බකමුණ, යාය 04 පහළ කොටසේ පදිංචිව සිටි 35 හැවිරිදි තැනැත්තෙක්.

මොවුන් දෙදෙනා මීට මාස හයකට පමණ පෙර සිට නිත්‍යානුකුල නොවන අයුරින් අඹුසැමියන් ලෙස බකමුණ ප්‍රදේශයේ ජීවත්ව ඇති අතර මොවුන් දෙදෙනාම දරුවන් සිටින විවාහකයින් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය පැවසුවේ මොවුන් එම විවාහයන් වලින් දික්කසාද නොවී මෙලෙස අඹු සැමියන් ලෙස ජීවත්ව ඇති බවයි.

ඝාතනය සිදුකර සියදිවි හානිකරගත් පුද්ගලයා කලක සිට මානසික රෝගයකට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් ක්ෂේත්‍ර හදිසි මරණ පරීක්ෂණය අද (16) දහවල් සිදුකර ඇති අතර මළසිරුරු පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බකමුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
937 Views
48,217 Views
18,841 Views
25,324 Views
119 Views
97,537 Views
Top