%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%2C+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A
Sunday, 16 June 2019 - 19:19
ඉන්දියාව සහ මියන්මාරය, ඒකාබද්ධ මෙහෙයුමක
432

Views
මනිපූර්, නාගලන්ත සහ ඇසෑම් ප්‍රාන්තවල ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කරගෙන ඉන්දීය සහ මියන්මාර හමුදා දේශසීමා ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් අද ආරම්භ කළා.

ඔපරේෂන් සන්රයිස් හෙවත් රිවි කිරණ - 2 ලෙස නම් කෙරුණු මෙම මෙහෙයුම සති 3 ක් මුළුල්ලේ ඉන්දියාව සහ මියන්මාරය අතර කිලෝමීටර් 1640ක් වූ දේශසීමාව ඔස්සේ ක්‍රියාත්මක වනු ඇති.

නාගලන්ත, මනිපූර් ඇතුළු ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත රැසක දේශසීමාව මියන්මාරයයි.

මෙහෙයුමේ පළමු අදියර මීට තුන් මසකට පෙර ක්‍රියාත්මක වූ අතර එහිදී දේශසීමා ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top