%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Monday, 17 June 2019 - 7:22
ඇමති මංගල නිසා රාජිත තීන්දුවක් ගැනීමට සූදානම්
3,952

Views
මුදල් අමාත්‍ය මංගල සමරවීර චීනයෙන් හෝ වෙනත් කිසිදු විදෙස් රටකින් දුම්වැටි ආනයනයට අවශ්‍ය අණ පනත් සකස් කළහොත් තමන් තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

එවන් ආණ්ඩුවක තමන් අමාත්‍ය ධුරය දැරීමට පවා නුසුදුසු බැවින් ඒ පිළිබදව තීන්දුවක් ගන්නා බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

විදේශීය දුම්වැටි ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය අවසර ලබාදී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව සඳහන් කළේ.   

අමාත්‍ය රාජිත සේනාරත්නගේ මෙම ප්‍රකාශය පිළිබදව විමසීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වූයේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top