පාකිස්ථාන බුද්ධි ප්‍රධානියා තනතුරෙන් ඉවතට

Monday, 17 June 2019 - 8:54

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
පාකිස්ථාන අන්තර් බුද්ධි සේවා ප්‍රධානී ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

පාකිස්ථාන හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කළේ නව අන්තර් බුද්ධි සේවා ප්‍රධානී ලෙස ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ නිවේදනය මගින් මෙම නව පත්කිරීමට හේතුව දක්වා නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

පාකිස්ථාන අන්තර් බුද්ධි සේවා ප්‍රධානී ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් එම තනතුරට පත් කර තිබුණේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා වන අතර, ඔහු මාස 08 ක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories