ගාල්ලෙන් ඇල්ලූ තවුහිත් ජමාත් සාමාජිකයා මරාගෙන මැරෙන බවට දිවුරුම් දීලා

Monday, 17 June 2019 - 12:54

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජික මොහොමඩ් කාදර් මොහොමඩ් ශෂ්මි මුස්ලිම් දේශයක් සඳහා ජීවිතය පූජා කිරීමට දිවුරුම් දී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඉදිරියේ මොහු, මරාගෙන මැරෙන බවට දිවුරුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරයෙකු ලෙස කටයුතු කර ඇති මොහු පාස්කු ඉරිදා දෙහිවල ලැඟුම්හලකදී බෝම්බය පුපුරුවාගත් ත්‍රස්තවාදියාගේ සමීපතමයෙකු බවටද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මෙම පුද්ගලයා ඇතුලු පිරිසකට සහරාන් හෂීම් මාතලේ ප්‍රදේශයේදී දින දෙකක අවිආයුධ පුහුණුවක්ද ලබාදී ඇති බව සඳහන්.

සහරාන් හෂීම් බියගම ප්‍රදේශයේ හෝටලයකදී මොවුන්ට දේශන පවත්වා ඇති බවද අනාවරණය වී තිබෙනවා.  

මේ අතර අප්‍රේල් 29 වනදා සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී සිය භාරයට ගනුලැබූ දුරකථනය සම්බන්ධයෙන් මේ වනවිට රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සැකකරු ගාල්ල - මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, විවාහයෙන් පසු ඔහු පදිංචිව සිට ඇත්තේ දෙහිවල ප්‍රදේශයේයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories