%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+791+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A
Monday, 17 June 2019 - 13:59
නීතිවිරෝධී සංක්‍රමණිකයන් 791 ක් මෙක්සිකෝවේ
234

Views
මධ්‍යම ඇමරිකානු රටවලට අයත් නීතිවිරෝධී සංක්‍රමණිකයින් 791 දෙනෙකු මෙක්සිකෝවේ වෙරකෲස් ප්‍රාන්තයේ රඳවා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ග්වතමාලා වැසියන් 413 දෙනෙකු, හොන්දුරාස් වැසියන් 330 දෙනෙකු සහ සැල්වදෝර් වැසියන් 39 දෙනෙකු මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයින් අතර වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

අදාළ සංක්‍රමණිකයින් අතර වයස අවුරුදු 8 ට අඩු ළමයින් 368 දෙනෙකු සිටිනවා.

මේ මස මුලදී ඇමරිකාව සහ මෙක්සිකෝව අතර සංක්‍රමණික ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙක්සිකෝවට නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගේ පැමිණීම නතර කිරීම සඳහා දින 45 ක කාලයක් ලබාදුන්නා.

එසේ නොකළහොත් මෙක්සිකෝවට ලබාදී ඇති බදු සහන අහෝසි කරන බවටයි ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top