බිරිඳ ඝාතනය කිරීමට ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් දුන්, විදෙස්ගත සැමියෙකු ගැන තොරතුරු හෙළිවෙයි

Tuesday, 18 June 2019 - 7:15

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කාන්තාවක් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබාගෙන සිටි තවත් කාන්තාවක් සහ එම ඝාතනයට සූදානම්ව සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උණවටුන ප්‍රදේශයේ කාන්තාවක මෙලෙස ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ  බවටයි පොලීසිය සඳහන් කළේ.

කොන්ත්‍රාත්තුව ලබා ගත් කාන්තාව රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය පළාත් පාලන ආයතනයක මහජන සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස ද සේවය කරන බව සඳහන්.

ඝාතනය කිරීමට සූදානම්ව සිටි කාන්තාවගේ සැමියා විසින් මෙම කොන්ත්‍රාත්තුව අදාළ කාන්තාවට ලබාදී ඇති බවයි පොලීසිය දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

කාන්තාවගේ සැමියා දැනට විදෙස්ගතව රැකියාවක නිරත වන අතර, එහි සිට මෙය සැලසුම් කිරීම ද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories