චීන ජනපති ෂී - ජින්පින් උතුරු කොරියානු සංචාරයකට සැරසේ

Tuesday, 18 June 2019 - 9:09

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%82%E0%B7%93+-+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
චීන ජනාධිපති ෂී - ජින්පින් බ්‍රහස්පතින්දා දෙදින චාරිකාවක් සඳහා උතුරු කොරියාව බලා නික්මෙනවා.

ඔහු උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවී කොරියානු අර්ධද්වීපයේ ගැටළු පිළිබදව සාකච්ඡා කරනු ඇති.

මෙය චීන නායකයෙකු වසර 14කට පසු උතුරු කොරියාවේ සිදුකරන ප්‍රථම සංචාරය මෙන්ම 2012 වසරේ බලයට පැමිණි ෂී - ජින්පින්ගේ ප්‍රථම උතුරු කොරියානු චාරිකාවයි.

ජපානයේ පැවැත්වෙන ජී - 20 සමුළුවට සතියකට පෙර චීන නායකයාගේ උතුරු කොරියානු සංචාරය සිදුවීම ද විශේෂත්වයක්.

ජපානයේ ඔසාකා නුවර පැවැත්වෙන ජී - 20 සමුළුවේදී චීන ජනාධිපති ෂී - ජින්පින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද මුණ ගැසීමට නියමිතයි. 

    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories