බිහාරයේ උණුසුම් වා දහරින් 70ක් මරුට

Tuesday, 18 June 2019 - 10:05

%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+70%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහි සෙල්සියස් අංශක 45 ඉක්මවූ උෂ්ණත්වයක් පවතින අතර, ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවූ ඇති බව සදහන්.

වැඩිම මරණ සංඛ්‍යාවක් ගයා ප්‍රදේශයෙන් වාර්තා වන අතර, දිල්ලි, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින් ද ඉහළ උෂ්ණත්වයක් වාර්තා වනවා.

බිහාර් ප්‍රාන්තයේ මේ දිනවල ජැපනීස් එන්සෙෆලයිටීස් රෝගය ද පැතිර යමින් පවතින අතර, මේ මාසය තුළ පමණක් ඒ නිසා සිදුවූ ළමා මරණ සංඛ්‍යාව 100කට අධිකයි.

මේ අතර, එන්සෙෆලයිටීස් වසංගතයට මුහුණ දීම පිළිබදව පැවති රැස්වීමකදී ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරඟයේ ලකුණු සංඛ්‍යාව විමසීම පිළිබද ඉන්දීය මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories