වැලිකන්ද - මරදන්කඩවල දී රිය අනතුරකින් 5 දෙනෙකු මරුට - 12කට තුවාල (ඡායාරූප සහිතයි)

Wednesday, 19 June 2019 - 6:39

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+12%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
මඩකලපුව - පොළොන්නරුව මාර්ගයේ වැලිකන්ද - කොලකනවාඩිය ප්‍රදේශයේදී අත්ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටී අද අලූයම 1.45ට පමණ සිදුවූ අනතුරකින් 5 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බෝවත්ත ගම්මානයේ පදිංචි අවුරුදු 29 වයසේ පසුවන තරුණයෙකු සහ අවුරුදු 30,35,55,60 යන වයස්වල පසුවන කාන්තාවන් සිව්දෙනෙකු බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසනවා.

දිඹුලාගල, මිහිඳු පෙරහැර නැරඹීමට ගොස් ආපසු නිවෙස් බලා පැමිණෙමින් සිටියදී අත් ට්‍රැක්ටරය, මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුර සිදුවන විට අත් ට්‍රැක්ටරය සහ වෑන් රථය වැලිකන්ද දෙසට ධාවනය කරමින් තිබුණ අතර අත් ට්‍රැක්ටරය පිටුපසින් පැමිණි වෑන් රථය, අත් ට්‍රැක්ටරයේ ගැටී මීටර් 100 ක් පමණ දුරට ඇදීගොස් මාර්ගය අසල වෙළඳසැලකටද හානි සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරින් වෑන් රථයේ දෙදෙනෙකුට පමණක් සුළු තුවාල සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව වෑන් රථයේ අධික වේගය සහ වෑන් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් කම බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.    



 

මනම්පිටිය - නිමල් ජයරත්න 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories