එජාපයේ කබීර් සහ හලීම් යලි එම ඇමති ධූරවලම දිවුරුම් දෙයි

Wednesday, 19 June 2019 - 11:14

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B6%B8+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය ධුරවලින් පසුගියදා ඉවත් වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් අද යළි පෙර දැරූ අමාත්‍ය ධුර වලම දිවුරුම් දුන්නා.

ජනාධිපතිවරයා නිල නිවසේදී අද පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදුකළ උපවාසයෙන් පසු ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ මුස්ලිම් අමාත්‍යවරු එම ධූරවලින් ඉල්ලා අස් වූ අතර ඔවුන්ගේ ඉවත් වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධූරවලට වැඩබලන අමාත්‍යවරුන් පත් කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ.

ඒ අනුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා දැරූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පත් කෙරුණා.

එම්.එච්.ඒ. හලීම් මන්ත්‍රීවරයා දැරූ තැපැල්  අමාත්‍ය ධූරයට කිසිවෙකු පත් කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් ධූර වලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු ඊයේ රැස්වී තීරණය කළේ අමාත්‍ය ධූරවල යලි දිවුරුම් දීම පක්ෂ නායකයින්ගේ එකඟතාවය මත සිදු කිරීමටයි.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබාදුන් උපදෙස් මත කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් යන මන්ත්‍රීවරුන් තමන් දැරූ පෙර අමාත්‍ය ධූර භාර ගැනීමට තීරණය කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරුන් යලි අමාත්‍ය ධූර භාර නොගැනීමට තීරණය කර ඇති බවයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේ.





ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ වැලි කැණීම්වල නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Thursday, 02 April 2020 - 9:12

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ආරච්චිකට්ටුව රතඹලා... Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලේ හිමිකරුගේ පුත්‍රයාට කොරෝනා වැළඳී නොමැති බවට හෙලි වේ
Thursday, 02 April 2020 - 8:58

ස්වසන අපහසුතා පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර මහ රෝහලට... Read More

කොරෝනා වැළඳී මෙරටදී මියගිය තුන්වන පුද්ගලයාට තවත් රෝග කිහිපයක්
Thursday, 02 April 2020 - 8:21

කොරෝනා වෛරසය වැළඳී මෙරටදී මියගිය තුන්වන පුද්ගලයා දියවැඩියාව,... Read More