%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA
Wednesday, 19 June 2019 - 11:55
මඟ වැරදුනු බස් රථය
13,540

Views
බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි විස්සක් පමණ පහළින් පිහිටි නිවසක් මතට පෙරළී තිබෙනවා.

බණ්ඩාරවෙල- උතුරු කැබිල්ලවෙල හරහා බිදුණූවැව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගත් කාර්මික නිලධාරීන් දෙදෙනෙකු හා අදාළ නිවසේ කාමරයක නිදා සිටි අවුරුදු 17 සහ 07 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක්.

බස් රථය පෙරලීමෙන් නිවසේ වහලට ද දැඩි අලාභ හානි සිදුව ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top