ශ්‍රී ලංකාව අත්පත් කර ගත යුතු බව සහරාන් ප්‍රකාශ කළේ 2016 දීයි - සූෆි මුස්ලිම්වරුන්ගෙන් ප්‍රකාශයක්

Wednesday, 19 June 2019 - 12:51

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+2016+%E0%B6%AF%E0%B7%93%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%96%E0%B7%86%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව අත්පත් කර ගත යුතු බවට ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් මුලින්ම ප්‍රකාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදී බව සුෆී මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවිවරයා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදෙමින්.

තේරීම් කාරක සභාවේ සාමාජික දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඔහුගෙන් ප්‍රශ්ණ කළ අතර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුස්ලිම් නොවන ජනතාව ඝාතනය කළ යුතු බවට සහරාන් අවස්ථා 03කදී ප්‍රකාශ කළ බවයි.  

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පස්වරු 2කට යලි රැස්වීමට නියමිතයි.

එහිදී මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටයි නියමිතව ඇත්තේ.



සහන බෙදීම ගැන කථිකාව උණුසුම්
Wednesday, 08 April 2020 - 20:20

මේ දිනවල ජනතාවට විවිධ සහන සැළසීමේ කටයුතුවලට දේශපාලනඥයින්... Read More

‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතය සාර්ථකව
Wednesday, 08 April 2020 - 20:19

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව... Read More

අගමැති සහ දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡාව ඇරඹේ
Wednesday, 08 April 2020 - 20:16

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ රට තුළ මේ වනවිට මතුව ඇති තත්ත්වය... Read More