උක් ගොවීන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රිතව රථ වාහන තදබදයක්

Thursday, 20 June 2019 - 9:20

%E0%B6%8B%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු වටරවුම අසළ උක් ගොවීන් පිරිසක් අද පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වනවා.

ඒ, සෙවනගල සීනි කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව අද දිනයේදී පනතක් සම්මත කරගැනීමට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත් උක් ගොවීන්ගෙන් පිරිසක් අමාත්‍ය නවීන් දිසානායක හමුවීමට පාර්ලිමේන්තුව වෙත ගොස් ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. උදෑසන 9 ට පමණ ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල - පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රිතව රථවාහන තදබදයක්ද පවතිනවා.

විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, එස්. එම්. චන්ද්‍රසේන, රංජිත් සොයිසා සහ විජිත බේරුගොඩ පැමිණ කතා බහක නිරත වූ බවයි එහි සිටින අප වාර්තාකරු තවදුරටත් සඳහන් කළේ.  

මේ අතර ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය පනත ඉවත් කර ගැනීමේ පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනවා.  







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories