නවසීලන්තයේ ගිනි අවි භාරදීමට මාස 6 ක්

Thursday, 20 June 2019 - 12:46

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6+%E0%B6%9A%E0%B7%8A
නවසීලන්තය තුළ බලපත්‍ර සහිත අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි භාරදීම සඳහා මාස 6 කාලයක් ලබාදී තිබෙනවා.

අද සිට දෙසැම්බර් 20 වනදා දක්වා කාලය තුළ එම ගිනි අවි භාරදීමටත්, එසේ භාරදෙන ගිනි අවි හිමිකරුවන්ට නවසීලන්ත ඩොලර් මිලියන 208 කට අධික වන්දි මුදලක් ලබාදීමටත් නවසීලන්ත රජය කටයුතු යොදා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නවසීලන්තයේ සිවිල් වැසියන් සතුව බලපත්‍ර සහිත ගිනි අවි මිලියන 1.2 ක් පවතින බව සඳහන්.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි දේවස්ථාන දෙකකට පසුගිය මාර්තු 15 වනදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් අනතුරුව එරට තුළ ගිනි අවි සම්බන්ධයෙන් නව නීති පැනවීමට නවසීලන්ත රජය කටයුතු කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories