මන්නාරමෙන් බීඩි කොළ කිලෝ 939ක් සොයාගැනේ

Tuesday, 25 June 2019 - 9:07

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+939%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මන්නාරම - නඩුකුඩා ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරයේ තිබී බීඩි කොළ කිලෝ 939කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.

ඊයේ සොයාගත් මෙම බීඩි කොළ පාර්සල් 45ක් ලෙස අසුරා තිබූ අතර තුළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

මේ අතර වසරේ මේ දක්වා කාලසීමාව තුළ නාවික හමුදාව සිදුකළ වැටලීම්වලදී අනවසරයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 16,500කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories