සයින්දමරුදු බෝම්බයෙන් මියගිය 15 දෙනාගේ ඩී.එන්.ඒ. වාර්තා සිකුරාදා අධිකරණයට

Tuesday, 25 June 2019 - 12:39

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
අම්පාර - සයින්දමරුදුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය 15 දෙනාගේ ඩී.එන්.ඒ වාර්තා ලබන සිකුරාදා අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ වනවිට එම ඩී.එන්.ඒ වාර්තා සකස් කිරීම අවසන් අදියරේ පවතින බවයි.

පසුගිය අප්‍රේල් 26 වනදා අම්පාර - සයින්දමරුදු සුනාමි ගම්මානයේ නිවසකදී ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවකින් පසු බෝම්බ පුපුරුවාගෙන මෙම පිරිස මියගොස් තිබුණා.

එලෙස මියගිය පිරිස ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ පියා, ඔහුගේ සහෝදරයින් දෙදෙනා සහ එක් සහෝදරයෙකුගේ බිරිද ද වනවා.

ඊට අමතරව ළමයින් 06 දෙනෙකුගේ සිරුරද එම ස්ථානයේ තිබී හමුවී තිබුණා. ඩී.එන්.ඒ පරීක්ෂණ සදහා ඔවුන්ගේ සාම්පල ලබා ගත්ත ද එය නරක් වීම හේතුවෙන් පසුගිය 7 වනදා අධිකරණ නියෝගයක් මත යළි එම සිරුරු ගොඩ ගැනීමෙන් අනතුරුව ඩී.එන්.ඒ වාර්තා සදහා සාම්පල් ලබා ගැනීම සිදුකෙරුණා.

ඒ අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත ඉදිරියේයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories