Hirunews Logo
Update+-+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Wednesday, 26 June 2019 - 9:03
Update - මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට ජනපති සිය අත්සන යොදයි
18,711

Views
ඉදිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසුව කවුරුන් බලයට පැමිණියත් රටට ආදරය කරන්නේ නම්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානමක් පවතින බවට පළ වන වාර්තා අසත්‍යයක් බවයි.

එමෙන්ම, ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත සෝෆා සහ ඇක්සා ගිවිසුම්වලට තමන් විරුද්ධ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණ දඬවුමට නියම වී සිටින රැඳවියන් 4 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් තබා ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට මරණ දඬුවම ලබාදීම නුදුරේදීම සිදුවනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට තමන්ට කැඳවීමක් සිදුකර නොමැති බවත් එලෙස කැඳවීමක් සිදුකළහොත් ඊට සහභාගි නොවන බවත්, ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එම තේරිම්කාරක සභාව අරලියගහ මන්දිරය මගින් රඟ දක්වන දේශපාලන නාට්‍යයක් ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී හඳුන්වනු ලැබුවේ.





-----------------------------------------------------------------------

ඇමරිකාව සමඟ අත්සන් කරන ගිවිසුම් වලට මම විරුද්ධයි - ජනපති - Wednesday, June 26, 2019 09.43AM

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත සෝෆා සහ ඇක්සා ගිවිසුම් වලට තමන් විරුද්ධ බව ජනපති පවසනවා.

----------------------------------------------------------------------

රටට ආදරය නම් 19 වන සංශෝධනය අහෝසි කළ යුතුයි - ජනපති - Wednesday, June 26, 2019 09.30AM

ජනාධිපතිවරණයට කලින් හෝ පසුව කවුරු හෝ බලයට පත් වුවත් රට රටට ආදරය කරන්නේ නම්, 19 වන සංශෝධනය අහෝසි කළ යුතු බව ජනපති පෙන්වා දෙනවා.

-----------------------------------------------------------------------

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අස්ථාවර වුණා - ජනපති - Wednesday, June 26, 2019 09.23AM

රට තුල දේශපාලන අස්ථාවරයක් ඇති බව තමන් පිළිගන්නා බවත් ඊට හේතුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපතිවරයා කියා සිටිනවා.

----------------------------------------------------------------------

ජනපතිවරණයට තරඟ කිරීමේ තීන්දුව නිදහස් පක්ෂයේ තීරණය අනුවයි - ජනපති කියයි - Wednesday, June 26, 2019 09.03AM

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ අනුව තමන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේදීයි.

මේ අතර, රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති බව තමන් පිළිගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඊට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top