Hirunews Logo
%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 26 June 2019 - 10:28
තේරීම්කාරක සභාව නාටකයක් කැඳවීමක් කළත්, නොයන බව ජනපති කියයි
2,487

Views
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට තමන්ට කැඳවීමක් සිදුකර නොමැති බවත් එලෙස කැඳවීමක් සිදුකළහොත් ඊට සහභාගි නොවන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

නාටකයක් වන එහි පිටපත, අධ්‍යක්ෂණය සහ පුහුණුව අරලියගහ මන්දිරය විසින් සිදුකරන බවයි ජනාධිපති මන්දිරයේ, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද පැවති හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 7 ක් අධිකරණයේ විභාග වෙමින් පවතින අතරතුර මෙවැනි තේරීම්කාරක සභාවක් පත් කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති බව තමන් පිළිගන්නා බවත් ඊට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපතිවරයා කියා සිටියා. ජනාධිපතිවරණය පවත්වා මාස දෙකකට පසු මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේ.

රියදුරුන් දෙදෙනෙකුට වාහනයක් පැදවිය නොහැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට දින කිහිපයකට පෙර සිදුකළ ප්‍රකාශය සිහිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2015 වසරේදී එම වාහනය පදවනු ලැබුවේ එක් රියදුරෙකු පමණක් බවයි.

පාර්ලිමේන්තුවෙන් ලබා ගත් රියදුරු බලපත්‍රයක් නිසා තවත් රියදුරෙකු වැඩි වූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

එම රියදුරු නිසා මුළු රටම අවුල් ජාලයක් බවට පත්වී ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඉදිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසුව කවුරුන් බලයට පැමිණියත් රටට ආදරය කරන්නේ නම්, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ද ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණයට අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳව තමන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානමක් පවතින බවට පළ වන වාර්තා අසත්‍යයක් බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීති විශාරදයින් විසින් සකස් නොකරන ලද්දක් බව පැවසූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ.සුමන්දිරන්, පාක්‍යසෝති සරවණමුත්තු වැනි පුද්ගලයන්ගේ එන්.ජී.ඕ සංවිධාන විසින් සකස් කළ බව ද කියා සිටියා.

එමෙන්ම, ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත සෝෆා සහ ඇක්සා ගිවිසුම්වලට තමන් විරුද්ධ බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණ දඬවුමට නියම වී සිටින රැඳවියන් 4 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් තබා ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට මරණ දඬුවම ලබාදීම නුදුරේදීම සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top