%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Thursday, 11 July 2019 - 18:25
කුරුණෑගල වෛද්‍ය සාෆි රිමාන්ඩ්
8,238

Views
කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නියෝග කළා.

රැඳවුම් නියෝග යටතේ රහස් පොලිසිය භාරයේ පසු වූ වෛද්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් රඳවාගෙන සිටියද, එම පනත යටතේ වරදක් කර ඇතැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

වෛද්‍යවරයා විසින් වඳ භාවයට පත්කළ බව පවසමින් පැමිණිලි කළ කාන්තාවන් 143 දෙනෙකු එස්.එච්.කේ. පරීක්ෂණයකට ලක් කිරීමට අවසර ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ කාන්තාවන් අදාළ පරීක්ෂණයට යොමු කිරීම පිළිබඳව තමන්ද එකඟ වන බවයි.

එහෙත් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ලම අසත්‍ය බවද ඔවුන් ප්‍රකාශ කළා. අදාළ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ වෛද්‍යවරයාගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඉඩම්වල වර්තමාන වටිනාකම පොලිසිය ඉදිරිපත් කර නොමැති බවයි.

බැංකු දෙකක ගිණුම් පිළිබඳ විමර්ශනයක් සිදුකර නොමැති බව ප්‍රකාශ කළ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එක්තරා බැංකුවකට සාෆි නමින් මිලියන 115 ක මුදලක් හුවමාරු වී ඇති බවද පෙන්වා දුන්නා.

සියළු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට ඇප ලබාදෙනවාද නැද්ද යන තීන්දුව පස්වරු 5.30 ට ලබාදෙන බවයි සඳහන් කළේ.

ඒ අනුව එම වේලාවට නඩුව කැඳවූ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් නියෝග කළේ සැකකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මේ අතර, වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු දරු සම්පත් අහිමි වූ මව්වරුන් 500 දෙනෙකු අද පෙරවරුවේ කුරුණෑගල - ඇත්කඳ  රජමහා විහාරයට එක් රැස්ව සිටියා.

අනතුරුව භික්ෂුන් වහන්සේ සහ මව්වරුන්  පාගමනින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපිටට පැමිණි බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට අපේ ජනබල පක්ෂය අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූයේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top