%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 July 2019 - 21:09
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
344

Views
පන්ති කාමරයක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් සිසුන් ඇතුලත් කරගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත් කර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාට හා විගණකාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.

2011 වසරේදී ශ්‍රේෂ්ධාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව 2016 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට පාසලකට දරුවන් ඇතුලත් කරගැනීමේදී පළමු වසරට එක් පන්තියක් සදහා සිසුන් 35 ක් පමණක් ඇතුලත් කරගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

අදාල අධිකරණ නියෝගය අනුව යමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 34/2015 චක්‍රලේඛය නිකුත් කරමින් සදහන් කර ඇත්තේ 2016 වසර වන විට දරුවන් 40 ක් සිටින පන්ති කාමරයක දරුවන් සංඛ්‍යාව 2021 වන විට දරුවන් 35 දක්වා වාර්ෂිකව අඩුකරගත යුතු බවයි.

තත්ත්වය එසේ තිබියදී දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා අවස්ථා කිහිපයකදීම පළාත් අධ්‍යාපන ලේකම්වරයාට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ්‍යවරුන්ට ලිපියවමින් නියෝග කර ඇත්තේ තමන්ට ලැබුණු අභියාචනා මත අනුමත සීමාව ඉක්මවා පාසල්වලට දරුවන් ඇතුලත්කර ගන්නා ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
10 Views
43,819 Views
17,715 Views
23,742 Views
993 Views
93,582 Views
Top