%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+7700%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 12 July 2019 - 14:28
කොකේන් කිලෝ 7700ක් ප්‍රවාහනය කළ සබ්මැරීනයක් ඇමරිකානු වෙරළාරක්ෂක අත්අඩංගුවට
1,170

Views
දකුණු පැසිෆික් සාගරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ සබ්මැරීනයක් ඇමරිකානු වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොලොම්බියානු සහ ඉක්වදෝර් වෙරළේ මුර සංචාරයේ නිරත වූ ඇමරිකානු වෙරළාරක්ෂක යාත්‍රාවක් විසින් පරීක්ෂාවට ලක් කළ අඩි 40 ක් දිගැති එම සබ්මැරීන යාත්‍රාවේ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7700 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඇමරිකා එක්සත් ජනපදය වෙත රැගෙන එමින් තිබූ බවයි විශ්වාස කෙරෙන්නේ.

එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 232 ක් වන බව ඇමරිකානු පැසිෆික් වෙරළාරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලූතිනන් කමාන්ඩර් ස්ටීවන් බ්‍රිකී ප්‍රකාශ කළා.

ඇමරිකාවට පැමිණෙන මත්ද්‍රව්‍ය වලින් 80% ක් පමණ මෙලෙස පැසිෆික් කලාපය හරහා මුහුදු මාර්ගයෙන් රැගෙන එන බව විශ්වාස කෙරෙන අතර, ඉන් 11%ක් සබ්මැරීන යාත්‍රා මගින් ප්‍රවාහනය කෙරෙන බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top