%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+30+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 14 July 2019 - 12:06
සැප්තැම්බර් 30 ට පෙර පළාත් සභා ඡන්දය තියන්න - මැතිවරණ කොමිසමේ සභාපති කියයි
794

Views
පළාත් සභා මැතිවරණය අවම වශයෙන් සැප්තැම්බර් 30 ට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර පසුගිය මස 26 වනදා පැවති මාධ්‍ය ප්‍රධානී හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය පවත්වා මාස දෙකකට පසු මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වනදා පවත්වන බව මැතිවරණ කොමිසම පැවසූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් නොවන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top