%E0%B7%83%E0%B7%9D%E0%B7%86%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Sunday, 14 July 2019 - 12:10
සෝෆා ගැන ඉන්දියාව අවධානයෙන්
787

Views
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඉන්දියාව පවසනවා.

විශේෂයෙන් සිය දකුණු දිග අසල්වැසියා වන ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටුවීමේ හැකියාවක් පවතින්නේ ද යන්න ඉන්දියාවේ අවධානයට යොමුවන බව ද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එමින් සඳහන් කළේ.

එවැනි ආරක්ෂක ගිවිසුමකට ශ්‍රී ලංකාවේ පවතින විරෝධතාද ඉන්දියාවේ සැළකිල්ලට යොමුවී ඇති කරුණක්.

ඉන්දීය පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ යෝජිත ආරක්ෂක ගිවිසුමට එල්ලවන විරෝධයෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය ශ්‍රී ලංකා චාරිකාව අවලංගු කරනු ලැබූ බවයි.

කෙසේ නමුත් රාජතාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින්  ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ කෙසේ හෝ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරණයට ඉන්දියාව ගරු කරන බවයි.

එහෙත් සිය අසල්වැසියෙකු මෙන්ම ඉන්දියාවට ක්‍රමෝපාය වශයෙන් වැදගත් වන ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳව සමීප අවධානයෙන් පසුවන බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ.

ඇමරිකානු හමුදාවලට ශ්‍රී ලංකාව තුළට අසීමිත ප්‍රවේශයක් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබාදෙන සෝෆා ගිවිසුමට ශ්‍රී ලංකාව තුළින් දැඩි විරෝධයක් එල්ලවී ඇති බවද ඉන්දීය පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අදාළ ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැති අතර, එහි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top