%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 14 July 2019 - 12:11
යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක විපක්ෂ නායක හමුවෙයි
149

Views
යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක ජයිල්ස් ද කර්කොව් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ විජේරාම නිල නිවසේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

රටේ ආරක්ෂාව වේගවත් කිරීම සහ වඩා හොඳ අදහස් සහ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහයවීම, යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරකවරයාගේ සංචාරයේ අරමුණ බව සඳහන්.

මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපති ධුරය දැරූ සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කළ බවයි.

එමෙන්ම වර්තමාන සන්දර්භය තුළ පවා තමන් සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක ජයිල්ස් ද කර්කොව් හට ප්‍රකාශ කර තිබෙනවා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top