Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 14 July 2019 - 12:32
සුරාබදු බලපත් නිකුත් කිරීමේ වාර්තාගත වර්ධනයක්
681

Views
පසුගිය 2018 වසරේදී නව මත්පැන් බලපත්‍ර 74 ක් නිකුත් කර තිබෙනවා.

එය 2017 වසර හා සසඳන විට සියයට 64 ක වැඩිවීමක්. 2006 වසරෙන් පසු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ වාර්ෂික වර්ධනය ඉහළම අගයක් සළකුණු කරන්නේ පසුගිය වසරේදියි.

2014 වසරේදී නව මත්පැන් බලපත් 83 ක් නිකුත් කළ අතර, එය ඉන්පසු 2015 දී 52 ක් ලෙසත්, 2016 දී 38 ක් ලෙසත් 2017 දී 10 ක් ලෙසත් අඩුවීමක් පෙන්නුම් කළා.

කෙසේ නමුත් පසුගිය වසරේදී මෙලෙස නව මත්පැන් බලපත් නිකුත් කිරීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අදාළ තොරතුරු පාර්ලිමේන්තුවට පසුගිය සතියේ ඉදිරිපත් කෙරුණු සුරාබදු දෙපාර්තමේන්තුවේ 2018 කාර්ය සාධන වාර්තාවට ඇතුළත්.

එමෙන්ම 2017 වසරේ සියයට 6.87 දක්වා පහත වැටුණු සුරාබදු ආදායම පසුගිය වසරේදී ප්‍රකෘතිමත් වී ඇති අතර පසුගිය වසරේ එම ආදායම රුපියල් බිලියන එක්ලක්ෂ 13,936ක් ලෙස සටහන් වුණා.

නීතිවිරෝධී මත්පැන් වැටලීම් 49,312 ක් පසුගිය වසරේදී සිදුකර ඇති අතර, එහිදි දඩ මුදල් ලෙස එක් රැස් කරගෙන ඇති මුදල රුපියල් මිලියන 253.6 කට අධිකයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත ආපනශාලා, හෝටල්, ආගන්තකු නිවාස යනාදියට මෙලෙස නව මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවයි.  


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top