%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+129+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 14 July 2019 - 12:41
වන අලින් දුම්රියේ ගැටී මියයාම සියයට 129 කින් ඉහළට
264

Views
අලි මිනිස් ගැටුම් හේතුවෙන් පසුගිය 2018 වසරේදී වන අලි 179 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

2017 වසරේ එය සටහන් වූයේ මරණ 142 ක් ලෙසයි.

මෙය අලි මරණ 37 කින් නැතිනම් සියයට 26 කින් ඉහළ යාමක් ලෙස සැළකිය හැකියි.

දුම්රියේ ගැටීම, වෙඩි පහරට ගොදුරුවීම, විදුලි සැර වැදීම, විෂ ශරීර ගතවීම මෙන්ම හක්කාපටස් අලි මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේදී අලි 16 දෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇති අතර, 2017 වසරේ වාර්තාවූයේ එවැනි අලි මරණ 7ක්.

ඒ අනුව දුම්රියේ ගැටී මියගිය වන අලි සංඛ්‍යාව පසුගිය වසරේදි සියයට 129 කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම වන අලි ගැටුමෙන් මියගිය මිනිසුන්ගේ සංඛ්‍යාවද පසුගිය වසරේදී 95 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරවලට සාපේක්ෂව සියයට 9.2 ක ඉහළ යාමක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top