%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%A5%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 14 July 2019 - 14:03
බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක මොහොමඩ් එර්ෂාඩ් මියයයි
428

Views
බංග්ලාදේශයේ හිටපු හමුදා ආඥාදායක හුසේන් මොහොමඩ් එර්ෂාඩ් වයස අවුරුදු 89 ක්ව සිටියදී ඩකා අගනුවර රෝහලකදී අද අභාවප්‍රාප්ත වුණා.

ජෙනරාල් එර්ෂාඩ් දශකයකට අධික කාලයක් බංග්ලාදේශයේ අසහාය නායකයා වූ අතර, 1990 වසරේ පැන නැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලත් සමඟ බලයෙන් පහකරනු ලැබුවා.

පසුව ඔහුට දූෂණ චෝදනා මත වසර ගණනාවක් සිර දඬුවම් විඳීමටද සිදුවුණා.

හිටපු ආඥාදායකයාගේ ජාතිය පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ස්වභාවික හේතූන් මත ඔහුගේ මරණය සිදුව ඇති බවයි.

හමුදා නිලධාරියෙකු මෙන්ම දක්ෂ කවියෙකු ද වූ ජෙනරාල් එර්ෂාඩ් 1982 වසරේදී ලේ නොවැගිරුණු විප්ලවයකින් බංග්ලාදේශයේ බලය අත්පත් කරගත්තේ එවකට පැවති ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ පාලනය ඉවත් කරමින්.

ඉස්ලාම් දහම බංග්ලාදේශයේ රාජ්‍ය ආගම බවට පත් කරනු ලැබුවේද ඔහුගේ පාලන සමයේදියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top