%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Sunday, 14 July 2019 - 15:36
පාර්ලිමේන්තු ප්‍රහාරයක් ගැන අසත්‍ය තොරතුරු දුන් පුද්ගලයෙකු ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට
682

Views
පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමේ සැලැස්මක් ඇති බවට අසත්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයෙකු ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (13)  අත්අඩංගුවට ගත් මොහු 57 හැවිරිදි වියේ පසුවන බවයි.

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමේ සැලැස්මක් පවතින බවටත් එය පිටකොටුව ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළ දී පුද්ගලයින් 08 දෙනෙකු එක්ව සැලසුම් කරන බවටත්, අදාළ පුද්ගලයා විසින් 119, පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලබාදී තිබුණේ පසුගිය 12 වන දායි.

ඒ අනුව කොළඹ - මධ්‍යම කොට්ඨාශය භාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී හෙළි වූයේ සැකකරු අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවටයි.

සැකකරුගේ ජාතික හැදුනුම්පතේ බොරැල්ල - කුරුප්පු පාර ලිපිනයක් සඳහන් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

එහෙත් මොහු ඇල්ල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි පදිංචිව සිට ඇති අතර සැකකරුගේ ජංගම දුරකථනය සහ සිම් කාඩ් පත් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු කුලී පදනම මත ලබාගෙන ඇති නිවසේ හිමිකරුගේ නමට අදාළ සිම් කාඩ්පත ලියාපදිංචි කර ඇති බවයි.

රට තුළ පවතින සාමකාමී තත්ත්වය කඩා කප්පල් කිරීමේ අරමුණින් මොහු මෙම තොරතුරු ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

සැකකරු පිටකොටුව පොලීසියේ රදවාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බවයි වාද්දූව පොලිස් ස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,146 Views
43,692 Views
17,678 Views
23,687 Views
956 Views
93,464 Views
Top