%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Sunday, 14 July 2019 - 18:13
විදුලි සැර වැදී නාවික හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට
288

Views
යාපනය, කන්කසන්තුරේ නාවික වරායේදී විදුලි සැර වැදීමෙන් නාවික හමුදා සෙබළෙකු අද (14) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් අනතුරුව හමුදා සෙබළා කන්කසන්තුරේ නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි මෙම සෙබළා මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි හමුදා සෙබළෙක්.

මියගිය සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත්මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදුකිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,146 Views
43,692 Views
17,678 Views
23,687 Views
956 Views
93,464 Views
Top