%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
Monday, 15 July 2019 - 7:11
ඉන්දියාවේ දෙවන සඳ ගමනත් නවතී
525

Views
ඉන්දියාවේ දෙවන සඳ ගමන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා තිබෙනවා.

චන්ද්‍රයාන් දෙක ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ මෙහෙයුමට අදාළ චන්ද්‍රිකාව අද අලූයම 2.51ට අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එය දියත් කිරීමට පැයකට පෙර එහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළි දැනුම්දෙන තුරු චන්ද්‍රයාන් දෙක මෙහෙයුම තාවකාලිකව නවතා දැමු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකානු ඩොලර් මිලියන 150 ක වියදමින් ඉන්දියාව සිදුකරන මෙම චන්ද්‍රයාන් දෙක මෙහෙයුමේ අරමුණ වී තිබුණේ චන්ද්‍රයා මතුපිට ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top