%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Monday, 15 July 2019 - 8:40
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පස්දෙනෙකු මරුට
15,389

Views
ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු 3 කින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

පුත්තලම, අඹන්පොල සහ අක්කරායන්කුලම් ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්ලන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් 25 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ උඩංගාව ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් කැබ් රථයේ රියදුරු සහ එහි වම්පස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අඹන්පොල සහ ගල්ගමුව රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මොවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44 සහ 48 යන වයස්වල පසුවන්නන්.

එමෙන්ම අක්කරායන්කුලම් - යුනියන්කුලම් ප්‍රදේශයේදී පාපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
937 Views
48,217 Views
18,841 Views
25,324 Views
119 Views
97,537 Views
Top