ළමයින් 4 දෙනෙකු සොරාගත් මෝටර් රථයකින් කිලෝමීටර් 900 ක් යයි

Monday, 15 July 2019 - 16:27

%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+900+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වයස අවුරුදු 10 ත් 14 ත් අතර ගැහැණු හා පිරිමි ළමයින් සිව් දෙනෙකු එක් ලමයෙකුගේ පියාගේ මෝටර් රථය සොරකම් කරගෙන කිලෝමීටර් 900 ක් දුර ගමන් කිරිමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ඔවුන් මෙලෙස ගමන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ - ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් නගරයේ සිටයි.

ඊයේ දිනයේ ඔවුන් කිලෝමීටර් 140 ක් දුර ගොස් පිරවුම්හලකින් ඉන්ධන ද සොරා ගෙන ඇති අතර, ග්‍රැෆ්ටන් නගරයේදී අදාළ මෝටර් රථය නිව් සවුත් වේල්සයේ පොලිසිය විසින් නිරීක්ෂණය කර එය පසුපස හඹා ගොස් නතර කර තිබෙනවා.

එහිදී ළමයින් සිව් දෙනා මෝටර් රථයේ දොර විවෘත කර නැහැ.

අනතුරුව පොලීසිය මෝටර් රථයේ වීදුරුවක් බිඳ ළමයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ක්වින්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්සයේ රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වයස අවුරුදු 17 සම්පූර්ණ විය යුතුයි.

මෙම ළමයින්ට එරෙහිව චෝදනා ගොනුකරන ආකාරය සම්බන්ධයෙන් ද මේ වනවිට එරට පොලීසිය ගැටලුවකට මුහුණදී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories