%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+821%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A
Tuesday, 16 July 2019 - 7:52
ලොව පුරා මිලියන 821කි සාගින්නේ
1,322

Views
ලොව පුරා මිලියන 821ක් ජනතාව පසුගිය වසරේදී සාගින්නෙන් පීඩා විදි බව ජගත් සංවිධාන වාර්තාවකින් හෙළිවනවා.

ඒ, සාගින්නෙන් පීඩා විදින ලෝක ජන කොටස වර්ධනය වූ අඛණ්ඩ තුන් වන වසරයි.

වසර ගණනාවක් තිස්සේ අඩුවෙමින් පැවති මන්දපෝෂණය 2015 වසරේ සිට නැවතත් ඉහළ යමින් පවතින බව එම වාර්තාව මගින් අනාවරණ කරනවා.

ලෝක කාලගුණ වෙනස සහ යුද්ධය ඊට ප්‍රධාන හේතුවයි.

අප්‍රිකාවේ ජනගහනයෙන් සියයට 20ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර ආසියාකරයේ සියයට 12ක් සහ ලතින් ඇමරිකානු හා කැරිබියානු කලාපයේ සියයට 7ක් මන්දපෝෂණයට ගොදුරු වී තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ වසර 2030 වන විට ලෝකයෙන් සාගින්න තුරන් කිරීම සඳහා වූ තිරසර සංවර්ධන ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇති බවයි ජගත් සංවිධාන වාර්තාව පෙන්වා දෙන්නේ.

අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඬේවිඞ් බීස්ලි, සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවයෙන් තොරව ලෝකයේ සාමය හෝ ස්ථාවරභාවය අපේක්ෂා කළ නොහැකි බවයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top