%E0%B6%87%E0%B7%83%E0%B7%91%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+-+%E0%B7%84%E0%B6%AD%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
Tuesday, 16 July 2019 - 9:47
ඇසෑමයේ ජල ගැල්ම උග්‍ර අතට - හතලිස් තුන්ලක්ෂයකට පීඩා
308

Views
ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මෝසම් වැසි සමඟ ඇති වූ ජල ගැල්ම හේතුවෙන් මේ වන විට ගම්මාන 4157ක හතලිස් තුන් ලක්ෂය ඉක්ම වූ ජනතාව පීඩාවට පත්වී තිබෙනවා.

ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 30කට ජල ගැල්ම බලපා ඇති අතර, මරණ සංඛ්‍යාව ඊයේ 15 දක්වා ඉහළ ගියා.

බ්‍රහ්ම පුත්‍ර ගංඟාව පිටාර මට්ටමට පැමිණ ඇති අතර, එමගින් ප්‍රාන්ත අගනුවර වන ගුවහටි නගරය ජලයෙන් යට වීමේ අවදානමක් ඇති කර තිබෙනවා.

තවත් ගංඟා 10ක ජල මට්ටම් ඉහළ ගොස් ඇත්තේ තවදුරටත් වැසි පැවතුණහොත් පිටාර ගැලිය හැකි අන්දමින්.

ජල ගැල්ම නිසා පුද්ගලයන් 83,000ක් අවතැන් වී ඇති අතර, රයිනෝසිරස් ඇතුළු දුර්ලභ වන සතුන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් කසිරංගා ජාතික වනෝද්‍යානයේ සියයට 95ක් මේ වන විට ජලයෙන් යට වී ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top