ත්‍රස්තවාදය මැඬලීිම ගැන, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය සංවාදයක

Tuesday, 16 July 2019 - 13:07

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AC%E0%B6%BD%E0%B7%93%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය ත්‍රස්තවාදය මැඬලීම සම්බන්ධයෙන් ඊයේ නිළ නොවන සංවාදයක නිරත වී තිබෙනවා.

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම සංවාදය සඳහා සිය සංගමය නියෝජනය කරමින් එහි ප්‍රති ත්‍රස්ත සම්බන්ධීකාරක ගිල්ස් ඩි කර්චෝව් සහ ප්‍රතිත්‍රස්ත ඒකක ප්‍රධානී ජෝන් ගැට් රුටර් සහභාගි වූ බවයි.

ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අහමඞ් ඒ. ජාවඞ් ඊට එක්වී තිබෙනවා.

මෙහිදී යුරෝපා සංගමයේ නියෝජිතයන් පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව ගනු ලබන පියවර සඳහා සිය සහයෝගීතාව පළ කරනු ලැබුවා.

ප්‍රචණ්ඩ අන්තවාදය සහ ත්‍රස්තවාදයට අදාළ පොදු අභියෝග සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වූ බවයි යුරෝපා සංගමය ප්‍රකාශ කළේ.

ප්‍රචණ්ඩ අන්තවාදය වළක්වා ගැනීමට පියවර ගැනීම මෙන්ම ප්‍රතිත්‍රස්ත ක්‍රියාමාර්ග මානව හිමිකම් වගකීම්වලට අනුකූලව සිදුකිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories