%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
Tuesday, 16 July 2019 - 14:30
මුම්බායි නුවර සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී පිරිසක් සිරවේ
3,855

Views
මුම්බායි නුවර ජනාකීර්ණ ඩොන්ග්‍රි ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් අද දහවල් හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයන් 40ත්, 50ත් අතර පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි වාර්තා වනවා.

ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් දෙකක් මේ වන විට ජීවිතාරක්ෂක මෙහෙයුමේ නිරත වන අතර, එම ප්‍රදේශයට පසුගිය දිනවල දැඩි වර්ෂාපතනයක් ලැබුණු බව සඳහන්.

පටු මාවත් ඔස්සේ ගොඩනැගිල්ල ආසන්නයට පැමිණීමට නොහැකි වීම නිසා ගිලන් රථ සහ ගිනි නිවන ආපදා රථ මදක් දුරින් නතර කර තිබූ බවයි වාර්තා වන්නේ. ඇතැමුන් සඳහන් කර පරිදි කුඩා ළමයින් ඇතුළුව ජීවිත හානි රැසක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කඩා වැටුණු මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි එකක් බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,546 Views
60,655 Views
22,925 Views
30,416 Views
468 Views
110,407 Views
Top