ආක්ටික් සයුරේ අයිස් සීග්‍රයෙන් දිය වෙයි

Saturday, 20 July 2019 - 11:09

%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උත්තර ධ‍්‍රැවය ආසන්නයේ පිහිටි ආක්ටික් සයුර වසා පැතිරුණු අයිස් තට්ටු අපේක්ෂිත මට්ටමට වඩා සීග්‍රයෙන් දිය වෙමින් පවතින බව විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා.

එය ලෝක කාලගුණ විපර්යාසයට ඍජුවම බලපාන කරුණක්.

ඇමරිකාවේ කොලරාඩෝ හි පිහිටි ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වසරේ ජුලි මාසයේ ආක්ටික් සයුරේ හිම දියවීම 2012 වසරේ වාර්තාවට ආසන්න වෙමින් පවතින බවයි.

පසුගිය දශක කිහිපය තුළ ආක්ටික් සයුරේ අයිස් දියවීම වේගවත් වී ඇති අතර, එහිදී වර්ග කිලෝමීටර් 20,000ක පමණ අයිස් තට්ටුවක් අහිමි වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories