%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Sunday, 21 July 2019 - 9:27
ඉම්රාන් ඛාන් ඇමරිකාවට
464

Views
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තුන්දින නිල චාරිකාවක් සඳහා ඊයේ ඇමරිකා එක්සත් ජනපදය වෙත පැමිණියා.

ඔහු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ නිල සාකච්ඡාවල නිරත වන්නේ හෙට දිනයේදීයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට හමුදා ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඞ් බජ්වා සහ පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් ෆායිස් හමීඞ් මෙන්ම වාණිජ කටයුතු මෙන්ම අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඞ් ද ඇමරිකාව වෙත පැමිණ තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ හමුදා ප්‍රධානීන් සමඟ විදේශ රටක අග්‍රාමාත්‍යවරයෙකු ධවල මන්දිරයට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇෆ්ගනිස්ථානය සහ දකුණු ආසියාතික කලාපයේ සාමය පිළිබඳව ජනපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි පාකිස්තාන රජය සඳහන් කළේ.

වියදම් අඩු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ඇමරිකානු සංචාරයේදී තරු පන්තියේ හෝටලයක නොව වොෂින්ටනයේ පාකිස්තාන තානාපතිවරයාගේ නිවසේ ලැගුම් ගැනීමද විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top