%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
Sunday, 21 July 2019 - 19:55
සයින්දමරුදු ඔත්තුකරුගෙන් මැසිවිල්ලක්
1,297

Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ ලොරි රථයකින් මීගමුව - කටුවාපිටියේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය පුද්ගලයා ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

කුලී රථ සේවා සපයන ආයතනයකට සිය ලොරි රථය යොදවා තිබූ මොහුට සයින්දමරුදු ප්‍රදේශයට කුලී ගමනක් ලැබී තිබුණේ අප්‍රේල් මස 9 වන දායි.

පසුව ඔහු ගමන නිමකර යළි නිවසට පැමිණෙන්නේ අප්‍රේල් මස 11 වන දායි.

මොහු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරනු ලැබූ ආරක්ෂක අංශ වෙත තමන් සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ ද යන්න පිළිබද මතු වූ සැකය  මත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණා.

ඒ අනුව සයින්දමරුදු ප්‍රහාරයට පෙර ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් භාවිතා කළ උපකරණ තොගයක් සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක තිබී ආරක්ෂක අංශවලට සොයා ගැනීමට හැකි වන්නේ මොහුගේ ඔත්තුවකට අනුවයි.

කෙසේ වෙතත්, මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන ආයතනයෙන් ඉවත්ව ඇති තමාට සිය ලොරි රථයේ කල්බදු වාරිකද ගෙවා ගැනීමට පවා නොහැකිව ආර්ථික අපහසුතා රැසකට මුහුණ දී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.


rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top