%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 22 July 2019 - 7:35
මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු අද අගමැති හමුවට
428

Views
පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

මුස්ලිම් ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලැබෙනතුරු අමාත්‍ය ධුර භාර නොගැනීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කරනු ලැබූ අතර, එම තීරණය අද අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම්දෙන බවයි එහි නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් කියා සිටියේ.

මේ අතර මුස්ලිම් ජනතාවගේ ගැටළු විසදීමට ආණ්ඩුව කටයුතු කළහොත් පමණක් එක්සත් ජාතික පක්ෂය විසින් අගෝස්තු 5 වන දා නිර්මාණය කරන නව සන්ධානයට සහය දැක්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා.

උත්තරීතර මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top